කොටිකාවත්ත මංසන්ධියේ සහ අංගොඩ පහළ මංසන්ධියත් ජලයෙන් යටවේ

Thursday, 19 May 2016 - 10:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A
කැළණි ඟගේ  ජල මට්ටම තවදුරටත් වැඩිවීම නිසා කොටිකාවත්ත මංසන්ධිය, අංගොඩ පහළ මංසන්ධිය ආදී ප්‍රදේශ ගණනාවක ජලයෙන් යටවෙමින් පවතිනවා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සදහන් කළේ නාවික හමුදාව බෝට්ටු රැසක් යොදවා නිවෙස් තුළ රැදී සිටින පිරිස් මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම, සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සදහා ධීවර බෝට්ටු ද උපයෝගි කරගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර, සබරගමුව පළාතේ සියලූම පාසල් හෙට දිනයේදී වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ සහ අද පළාතේ සියලූම පාසල් වසා තැබීමට එම බලධාරින් තීරණය කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories