ජාඇල පිටාර මට්ටමට - ආරක්ෂිත ස්ථානවලට යොමුවෙන්නැයි උපදෙස්

Saturday, 26 May 2018 - 10:40

%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අත්තනගලූඔයේ ජලය බැස යාමත් සමඟ ජාඇල පිටාර මට්ටමකට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් ඒ අවට පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියා.

එමෙන්ම දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජය බිම සහ දැදුරුඔය යන ගම්මානවල පවුල් 50ක් සහ මාදම්පේ සහ ගලහිටියාව යන ප්‍රදේශයේ පවුල් 40ක් පමණ පීඩාවට පත්ව ඇති බව සඳහන්.

මේ අතර, මධ්‍යම කඳුකරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව ගිය ද කඳුකරය පුරා දැඩි සුළං තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එමෙන්ම නාය යාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හැටන් - කොළඹ මාර්ගයේ ගිනිගත්හේන - දියගල මාර්ගය යළිත් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories