ප්‍රවීන සිනමාකරු රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Sunday, 01 July 2018 - 6:40

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රවීන සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා වයස අවුරුදු 80 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 1964 වසරේ සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෑ දනියෙල් - දවල් මිගෙල්, සහ චෙරියෝ චිත්‍රපට පෙළ මගින් මෙරට වානිජ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වයට දායකත්වය සැපයූවා.

1972 වසරේදී ඔහුගේ ‘‘සුජීවා’’ චිත්‍රපටය, එවකට ආදායම් වාර්තා පිහිටුවා තිබූ ගාමිණී ෆොන්සේකා රඟපෑ එදත් සූරයා - අදත් සූරයා  අභිබවා යාම විශේෂත්වයක්.

1937 වසරේ අගෝස්තු 30 වනදා උපත ලැබූ ඔහු විවාහ වූයේ සිනමා නිළි සුමනා අමරසිංහ සමඟයි.

ටොම් පචයා, හිත හොඳ කොල්ලෙක්, සැළමුතු පින්න සහ ‘‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’’  ඇතුලූ චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් රෝයි ද සිල්වා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories