කොළඹ කැළි කසලවලට එරෙහිව පුත්තලමේ අදත් විරෝධතා

Friday, 12 October 2018 - 18:49

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
පුත්තලම - අරුවක්කාලූ කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයට විරෝධය පළ කරමින් අද පුත්තලම නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ කොළඹ කැළි කසල තම ප්‍රදේශයට බැහැර කිරීමෙන් දැඩි පාරිසරික ගැටළු මතු විය හැකි බවයි.

ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එහිදී ප්‍රතිඥාවක් ද ලබාදුන් අතර, පසුව පිරිස විරෝධතාවයේ නිරත වුණා.

මෙම කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේ සහ කල්පිටිය ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට දින 20ක පමණ කාලයක් පුරා ප්‍රදේශවාසීන් සත්‍යග්‍රහයක ද නිරත වනවා.

අද පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව උද්ඝෝෂකයින් මෙන්ම ආගමික නායකයින්, කල්පිටිය නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකු එක්ව ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories