රන්ජන් අත්අඩංගුවට ගත්තේ නීතියෙන් වැරදිකරු හදුනා ගත්තට පස්සෙයි

Thursday, 16 January 2020 - 12:49

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නීතියට ගරු කර, වැරදිකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත් බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ

“ දිගින් දිගටම රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්න ඕන කියලා අපි කිව්වා. නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කිරීම, අධිකරණයට බලපෑම් කිරීම, නිවැරදි කරුවන්, වරදකරුවන් කිරීම යන බරපතල චෝදනා රන්ජන් රාමනායකට ගොනුවෙලා තිබෙනවා.”

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සී වාට්ටුවේ රඳවා සිටිනවා.

රක්ෂිත බන්ධනාගාර ගතවන සැකකරුවන් රඳවා තැබෙන සාමාන්‍ය වාට්ටුවක් වන මෙහිදී මන්ත්‍රිවරයාට ආරක්ෂාවක්ද සපයා ඇති බවයි බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මන්ත්‍රීවරයාව කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන 23 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories