ජ.වි.පෙ මන්ත්‍රීවරුන් කථානායක හමුවීමට සැරසේ

Thursday, 16 January 2020 - 13:12

%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ලබන 21 වනදා කථානායකවරයා හමුවී මහබැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීම අත්හිටුවීමටයි පසුගියදා කථානායකවරයා පියවර ගත්තේ.

කෙසේ වෙතත් කථානායක කාර්යාලය පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහබැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිළිබඳව ලබන සතියේ තීරණය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories