ශ්‍රී ලන්කන් - එයාර් බස් ගණුදෙනු ගැන, පූර්ණ විමර්ශනයක් සිදුකරන්නැයි ජනපතිගෙන් නියෝග

Sunday, 02 February 2020 - 13:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත’’ වාර්තා කර තිබූ බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

එම චෝදනා පිළිබඳ සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ ‘‘ද ටෙලිග්‍රාෆ්’’ පුවත්පත වාර්තා කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳකට එයාර් බස් සමාගම විසින් යූරෝ මිලියන 17 ක් අල්ලස් ලෙස ලබාදී ඇති බවයි.

එක්සත් රාජධානියේ වංචා සෙවීමේ කාර්යාලය විසින් 2011 - 2015 අතර කාලයේදී එයාර් බස් සමාගම සිදුකළ ගණුදෙනු පිළිබද විමර්ශන සිදුකරනු ලැබුවා.

එහිදී හෙළි වී ඇත්තේ එයාර් බස් සමාගම විසින් ජාත්‍යන්තර ව්‍යාපාරවලදී දූෂිත අතරමැදියන් භාවිත කර ගුවන් යානා අලෙවිය සිදුකර ඇති බවටයි.

එම සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවක විධායක නිලධාරියෙකුගේ බිරිඳක් අතරමැදියෙකු ලෙස භාවිත කරමින් ගුවන් යානා අලෙවි කිරීමට බලපෑම් කර ඇති බවට අදාළ විමර්ශනයේදී හෙළිව තිබෙනවා.

මේ අතර, එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙතින් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන  ඕනෑම පරීක්ෂණයකට හෝ නීතිමය ක්‍රියාමාර්ගයකට පූර්ණ සහය දක්වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.

එමගින් වැඩිදුරටත් කියා සිටියේ එයාර් බස් සමාගම මගින් ගුවන් යානා අලෙවි කිරීමේදී අල්ලස් ලබාදුන් බවට එක්සත් රාජධානියේ අධිකරණයක් මගින් ලබාදුන් තීන්දුව පිළිබදව තමන් දැනුවත්ව සිටින බවයි.

එබැවින් රජය මගින් සිදුකරන විමර්ශන ක්‍රියාවලියකට පූර්ණ සහය දක්වන්නැයි ශ්‍රී ලන්කන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එහි කළමනාකාරීත්වයට නියෝග කර තිබෙනවා.

එවැනි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය අභ්‍යන්තර ලිපිලේඛන ආරක්ෂා කොට අවශ්‍ය බලධාරීන් වෙත පරීක්ෂා කිරීමට අවස්ථාව සලසන ලෙස ද කළමනාකාරීත්වය වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories