චීනයට තේ කිලෝ 600ක පරිත්‍යාගයක්

Monday, 10 February 2020 - 17:03

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+600%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයෙන් පීඩි විදින වූහාන් නගරවාසීන්ට මෙරට තේ කිලෝ 600ක් පරිත්‍යාග කිරීමට ලක් රජය තීරණය කර තිබෙනවා.

පසුගිය දා මෙරට චීන තානාපතිවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එහි කොටසක් සංකේතාත්මකව ලබාදුන් අතර ඉතිරිය බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හරහා වූහාන් වැසියන්ට බෙදාදීමට පියවර ගෙන ඇති බවයි තේ මණ්ඩලය සදහන් කළේ.

මේ අතර, ජපාන මුහුදේ නතර කර ඇති ඩයමන්ඞ් එක්ස්ප්‍රස් නෞකාවේ ඉන්දීය කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත වීඩියෝ පණිවුඩයක් යොමු කරමින් තමන් කඩිනමින් සිය රට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ නෞකාවේ මගීන් 66 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශ වුවද 160ක් වූ නෞකාවේ ඉන්දීය කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමට පියවර ගෙන නොමැති බවයි.

මේ නිසා තමන් වෙන් කොට නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස එම නැවියන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම, ජගත් සංවිධානයෙන් ද ඉල්ලා තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories