අගමැති සහ ගිනි බිසව් රාජ්‍යයේ ජනපති අතර හමුවක්

Friday, 14 February 2020 - 16:06

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%80%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගිනිබිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ අතර හමුවක් අද පෙරවරුවේ සිදුවුනා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.

අප්‍රිකා මහාද්වීපය තුළ ශ්‍රී ලංකාව ව්‍යාප්ත කර ඇති තානාපති සබඳතා පිළිබඳව ගිනි බිසව් ජනපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

එමෙන්ම එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පූර්ණ සහාය බටහිර අප්‍රිකානු රාජ්‍යයක් ලෙසට හිමිවන බවයි උමාරෝ සිසෝකෝ ප්‍රකාශකර ඇත්තේ.

දෙරට අතර සුහදශීලී සබඳතාවක් ඇතිකර ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවූ අතර දෙරටේ කෘෂිකාර්මික විශේෂඥ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ තම රාජ්‍යය කජු නිෂ්පාදනයට ප්‍රමුඛතාවක් ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ඉංජිනේරු තාක්ෂණයේ දියුණුව පිළිබඳව ඔහුගේ ඇගයීමට ලක්වී ඇති අතර මෙරට පාලම් ආදිය නිර්මාණය කර ඇති ආකාරය ගුවන්තොටුපලේ සිට පැමිණීමේදී දැකගත හැකිවු බැවින් සිවිල් ඉංජිනේරු තාක්ෂණය හුවමාරු කර ගැනීමට තම රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පුහුණුව හා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගිනි බිසව් රාජ්‍යයේ සිසුන්ට අවස්ථා ලබාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories