ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවක - සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ට, දුම්රියපොළ ඉදිරිපිටින් ඉවත් වන්නැයි අධිකරණ නියෝගයක්

Tuesday, 18 February 2020 - 11:07

%E0%B6%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+-+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය මහබැංකුව ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණා.

ඒ, සිය තැන්පතු මුදල් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්. කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට සිට මහබැංකුව දක්වා පා ගමනින් පැමිණි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් මහබැංකුවට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පසුව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය අසළ වෙන් කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට ගොස් එහි විරෝධතාවයේ නිතර වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ දස දෙනෙකු සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

මේ අතර, විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ජිවිතාන්තය දක්වා මුළු වැටුපම ලබා දෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහජනතාවට පීඩා වන නිසා එම සත්‍යග්‍රහය වහාම නතර කරන ලෙස දන්වා කොටුව පොලීසිය තමන්ට අධිකරණ නියෝගයක් ද ගෙන විත් භාර දුන් බවයි සත්‍යග්‍රහයේ නිරත වන රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති උජිත රොෂාන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories