ATM ආරක්ෂාව ගැන පැතිරයන ප්‍රචාර අසත්‍යයි - Lanka Clear

Wednesday, 04 March 2020 - 15:11

ATM+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+Lanka+Clear
ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවල(ATM) ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක  Lanka Clear ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතැම් බැංකු වල ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවල (ATM) ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇති බවයි .

මෙරට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) පද්ධතිය ඉතා ඉහළ ආරක්ෂක තත්ත්වයන්ගෙන් සමන්විත බව, මෙරට ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන Lanka Clear ආයතනය පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ රට ක්‍රියාත්මක සෑම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක්ම (ATM)  ආරක්ෂාකාරී බවින් යුක්ත බව සහ එය භාවිතා කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව සියලුම බැංකු හා මූල්‍ය ආයතන  තම ආයතනයට දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකා පරිගණක සංගමය( CSSL)ද මේ සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින බවට මවාපෑම් කරන එක්තරා කණ්ඩායමක් විසින් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මහජනතාවට අතර සාවද්‍ය තොරතුරු හුවමාරු කරමින් සිටින බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.

ශ්‍රී  ලංකා පරිගණක සංගමය ( CSSL) සිය නිවේදනය මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි  සාවද්‍ය තොරතුරු මත පදනම්ව නොමඟ නොයන ලෙසයි.

තොරතුරු තාක්ෂණයට සම්බන්ධ බව පවසමින් ඇතැම් කණ්ඩායම් ප්‍රචාරය කරන එම තොරතුරු හුවමාරු  කර ගැනීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද එම සංගමය ඉල්ලීමක් කරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories