එජාපය වෙනම තරඟ කිරීම සමඟියට බාධාවක් - සමඟි ජනබලවේගයෙන් ප්‍රකාශයක්

Saturday, 07 March 2020 - 19:04

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++-+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තනිව තරඟ කරන්නේ නම්, එය සමගිය කඩා බිඳ  දැමීමක් බව සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැතිවරණ දිස්ත්‍රික්ක 22කටම එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බවට, එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් අද ප්‍රකාශ කර තිබුණා.

ඔහුගේ අත්සනින් යුතු අලියා ලකුණ සහිත ලිපි ශීර්ෂයක් මගිනුයි අදාළ නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්, සමඟි ජනබලවේගයට සම්බන්ධ බොහෝ පිරිස් ඊට විරෝධය පළ කළ අතර, එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය මත සමගි ජනබලවේගය පිහිටුවූ බවයි.

එසේ තිබියදී වෙන වෙනම තරඟ කිරීම සමගියට බාධාවක් බවයි.

මේ අතර, සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සිරිකොත පක්ෂ මූලස්ථානයට ආසන්නව ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, සමගි ජනබලවේගයේ කාර්යාලය එහි නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා ආරම්භ කෙරෙන බව සදහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories