සමගි ජනබලවේගයට කෘත්‍යෘධිකාරියේ අනුමැතිය හිමිවුණේ නැහැ - හිටපු මන්ත්‍රී වජිර

Wednesday, 11 March 2020 - 19:27

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%98%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B6%A2%E0%B7%92%E0%B6%BB
සමගි ජන බලවේගය වෙනම පක්ෂයක් ලෙස ගොඩනැගීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි නොවූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද ප්‍රකාශ කළා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ඊයේ කෑගල්ලේදි ජන හමුවක් අමතමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ සමගි ජනබලවේගය මෙන්ම එහි නායකත්වයද තමාට ලබාගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  කියා සිටියේ සමගි ජනබලවේගය ඉදිරි මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම දුරකථනය ලකුණ යටතේ තරග කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වන ප්‍රියන්ත පත්බේරියද අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories