මැණිං වෙළඳපොලේ එළවළු සඳහා උපරිම සිල්ලර මිලක්

Friday, 27 March 2020 - 19:49

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කොළඹ මැණිං වෙළෙඳ පොලේ එළවළු සඳහා උපරිම මිලක් නියම කිරිමත් සමග එළවළු තොග මිල ගණන් අද තරමක් පහත ගොස් තිබුණා.

එම වෙළෙඳ පොළේ කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරිම සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහි පැමිණියා.

මේ අතර, පැලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ  තත්ත්වය සම්බන්ධයෙන් ද අප අද සොයා බැලිමක් කළා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල, හෙට අලූයම 5 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක නිරත වීම විශේෂත්වයක්.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ සභාපති සුමිත් ව්ජේසිංහ ඇතුළු බළධාරින් අද ත්‍රිකුණාමලයේ පිහිටි පැරණි තෙල් ගබඩා සංකිර්ණය නිරික්ෂණයට පැමිණියේ දැනට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ පහළ යාම නිසා අනාගතය සඳහා තොග ගබඩා කර ගැනිමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිම සඳහායි.

නුවරඑළිය නගරය සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

බේරුවල  ධිවර වාරයේ පැවැති අතිරික්ත මත්ස්‍යයින් කිලෝග්‍රෑමි ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් අද විශේෂ කාර්යය බලකාය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ආරක්ෂාව යටතේ තොග වෙළඳුන්ට අලෙවි කිරිමේ වැඩපිළිවෙලක් ද දියත් කෙරුණා.

එහෙත් සිල්ලර වෙළඳුන් පැමිණ එම කටයුත්තට බාධා කිරිම නිසා වෙළඳාම් කටයුතු නතර කිරිමට පියවර ගැනුණු බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

එසේම, මෙරට වරාය වෙත පිවිසෙන සියළු නෞකා, ප්‍රමාද ගාස්තු සහ පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

මේ අතර, අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදි පැවැති අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්ව්මේදි එහි ප්‍රධානි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙහිදී ඇඳිරි නිතීය බලපැවැත්වෙන ප්‍රදේශ වල දිනකට සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චිත පැය ගණනකට විවෘතව තැබිමට එකඟ වු බවයි.

එසේම, ජංගම බැංකු සේවා හඳුන්වා දිමේ ක්‍රියාමාර්ග වෙත ගමන් කිරිමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මීට අමතරව ජාත්‍යන්තර ගණුදෙනු සිදු කිරිම සඳහා සියලූ වානිජ බැංකු වල රාජකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාම, චෙක්පත් නිෂ්කාශන කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම හා ඒ.ටී.එම් යන්ත්‍ර නිසි පරිදි පවත්වා ගැනීම හා ඒ.ටී.එම් ජංගම සේවා පැවැත්විමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories