තමිල්නාඩුවේ කොරෝනා සීමාවන් දැඩි කෙරේ

Saturday, 25 April 2020 - 10:27

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
චෙන්නායි නුවර ඇතුළු නගර 5ක වසා දැමීමේ ක්‍රියාමාර්ග දැඩි කිරීමට තමිල්නාඩු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ප්‍රධාන කේන්ද්‍රයක් වන්නේ තමිල්නාඩුවයි.

තමිල්නාඩුවේ පුද්ගලයන් 1600කට පමණ මේ දක්වා වෛරසය ආසාදනය වී ඇති අතර එහි මරණ 20ක් ද වාර්තා වනවා.

ප්‍රාන්ත මහඇමති පලනිස්වාමි ඊයේ පස්වරුවේ සඳහන් කළේ චෙන්නායි,  මදුරෙයි සහ කොයිම්බතූර් නගරවල ඉරිදා අලූයම සිට දින 4ක දැඩි සීමාවන් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම, තිරුපූර් සහ සාලෙම් නගර දින 3ක් මෙලෙස වසා දැමීමට නියමිතයි.

එම කාලය තුළ එහි වැසියන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ නිවෙසින් නික්මීමට නොහැකි වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories