වැඩිහිටි, ගොවි, ධීවර, විශ්‍රාම ඇතුළු 5000සේ දීමනාව මැයි 11 සිට

Tuesday, 05 May 2020 - 7:31

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%2C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%2C+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+5000%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+11+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 5000සේ දීමනාව ගෙවීම මේ  මස 11 වන දා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව මේ මස 15 වන දිනට පෙර එම මුදල් ගෙවා අවසන් කිරීමටයි නියම කර ඇත්තේ.

දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්ගේ මඟ පෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභියාගේ නිවෙස් වෙත ගොස් මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා රුපියල් 5000 ක් ලබාදීමේ ක්‍රියාවලියෙන් යළි ඉවත් වීමට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

මීට පෙර ද රුපියල් 5000 ලබාදීමේ ක්‍රියාවලියෙන් ඔවුන් ඉවත් වූයේ සමෘද්ධි නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් මෙලෙස රාජකාරි කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බවයි මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ නියෝජිතයින් සදහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories