සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

Wednesday, 06 May 2020 - 9:13

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයිනට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 දෙනෙකු රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

යූ.එල්. 302 දරණ මෙම යානය මෙලෙස පිටත්ව ගිය අතර, කොරෝනා වසංගතය හමුවේ යළි සිංගප්පූරුව වෙත යාමට නොහැකිව මෙරට කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් දස දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් රැගෙන ගිය බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ අවදානයෙන් කටයුතු කළහොත් කොරෝනා වෛරසය මැඬලීමට හැකියාව පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories