කොළඹින් හමු වූ නව රෝගීන්ගේ වාහකයන් සොයා බුද්ධි මෙහෙයුමක්

Wednesday, 06 May 2020 - 12:43

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹින් ඊයේ වාර්තා වූ රෝගීන් හතරදෙනාට වෛරසය වැළදුනු ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ වීමසීමකදී සදහන් කළේ අද දිනය තුළ රෝග වාහකයන් පිළිබද මතයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ස්ථාන 4 කින් වාර්තා වුණා.

ඒ කොළඹ - මෝදර, රාජගිරිය - බණ්ඩාරනායක පුර, කොළොන්නාව - සාලමුල්ල සහ මාළඹේ යන ප්‍රදේශවලින්.

කෙසේ වෙතත්, මාළඹේ ප්‍රදේශයෙන් වාර්තා වූ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාව සම්බන්ධයෙන් සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට රෝගය වැළදී නොමැති බවට තහවුරු වී ඇති බව අයි.ඞී.එච්. රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

රෝගය වැළදීමෙන් මියගිය කාන්තාව පදිංචිව සිටි මෝදර - මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ බී  කොටසේ සියලූම නිවාසවල පදිංචි පුද්ගලයන් 1200 ක් පමණ ඊයේ පස්වරුවේ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

44 හැවිරිදි අදාළ කාන්තාව අයි.ඞී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදියි ජීවිතක්ෂයට පත්වුණේ.

මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන්  අතුකෝරල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙත්සද සෙවණ මහල් නිවාස සංකීර්ණය සහ රන්දිය උයන යන මහල් නිවාස සංකීර්ණවල වෙසෙන පිරිස් වලින් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

මීට අමතරව, රාජගිරිය - බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු ඊයේ වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා යොමු කෙරුණා.

ඔවුන්ගේ ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණු අතර, දැනට එම ප්‍රදේශයට කිසිවෙකුට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

එමෙන්ම, කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයෙන් ද ඊයේ දිනයේදී නව ආසාදිතයෙකු වාර්තා වූ අතර, ඔහුට ද එම වෛරසය වැළදුනු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත්, ඔහුත් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයින් 28 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකළ බවයි පොලීසිය සදහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට කොළඹ වෛද්‍ය පීඨය විසින් ප්‍රථම පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් අයි.ඞී.එච්.රෝහලට යොමුකෙරුණා.

කෙසේ වෙතත්, එහිදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

නමුත්, වැඩිදුර පරීක්ෂණ සදහා ඇයගේ ජෛව සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ද යොමුකර තිබෙනවා.

මේ අතර විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ අවදානයෙන් කටයුතු කළහොත් කොරෝනා වෛරසය මැඬලීමට හැකියාව පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories