විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙයි

Saturday, 16 May 2020 - 11:14

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+COVID+-+19+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යමණ්ඩල විසින්  COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබෙනවා.

මුදල ඇතුළත් චෙක්පත විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

මූල්‍යමය ආධාරයට අමතරව, පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණමානක, පරීක්ෂණ උපකරණ හා ආර්ද්‍ර උපකරණ වැනි වෙනත් අත්‍යාවශ්‍යය උපකරණ විශාල තොගයක් ද පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් ද රුපියල් මිලියන 2.8 ක මුදලක්  COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories