තොරණ නිර්මාණ ශීල්පීන්ගේ ගැටළු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳ රජයේ අවධානය (වීඩියෝ)

Wednesday, 20 May 2020 - 20:54

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොලඹ හා ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල අන්තර් පළාත් බස් රථ ධාවන කටයුතු අද ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පළාත් අතර ලංගම බස් රථ ධාවනය සඳහා තමන්ට මේ දක්වා සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් ලැබී නොමැති බවයි.

මෙතෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමාවූ බස් රථ සේවාව පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කෙරුණේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනූව බොහෝ ප්‍රදේශවල අද අන්තර් පළාත් බස් සේවා ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවකයින් පැවසුවේ තමන් බස් රථ ධාවනය සඳහා සූදානම් වුවත් ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් නොමැතිවීම ගැටලුවක් බවයි.

මේ අතර පළාත් අතර, ලංගම බස් රථ සේවා අද ක්‍රියාත්මක නොකළ බව එහි සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මෙන්ම පෞද්ගලික බස් රථද සැලකිය යුතු ප්‍රමාණයක් යොදවා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර, රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අද දිනයේත් දුම්රිය රැසක් ක්‍රියාත්මක වුණා.

ආසන වෙන්කරවා ගත් දුම්රිය මගීන්ට අමතරව සේවා අවශ්‍යතා මත රාජකාරී සඳහා කැඳවන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ටත් අද සිට දුම්රියේ පැමිණීමට අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර, රට යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව මධ්‍යම පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මහනුවර ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරීන් අතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, මෙතෙක් අඩාලව පැවති සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් 19 සම්බන්ධයෙන් ලබාදී තිබෙන සාමාන්‍ය සෞඛ්‍ය උපදෙස්වලට අමතරව සිනමා සහ ටෙලිනාට්‍ය වැඩසටහන් පිළිබඳ පෙර සූදානම් කටයුතුවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත්වීමල අවම පිරිසක් එක්රැස්වීම, රූගත කෙරෙන ස්ථානවල දෑත් සේදීමේ පහසුකම් පවත්වා ගැනීම, කාර්ය මණ්ඩලය සඳහා මුඛ ආවරණ සැපයීම, කලාකරුවන්ගේ උපකරණ වෙන් වෙන්ව පවත්වා ගැනීම ඇතුළු කරුණු රැසක් එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්.

සිනමා සහ ටෙලිනාට්‍ය යළි ඇරඹීමට මාර්ගෝපදේශ, පෙර සූදානම් කටයුතු සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා අවම පිරිසක් එක්රැස් වීම, රූගත කෙරෙන ස්ථානවල දෑත් සේදීමේ පහසුකම් තැබීම, කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ සැපයීම, කලාකරුවන් සඳහා උපකරණ වෙන් වෙන්ව පවත්වා ගැනීම, ඇතුළු කරුණු රැසක් එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්.

මේ අතර, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණ ශාලාවේදී අද ආරම්භ වුණා.

මෙහිදී බන්ධනාගාර රැඳවියන් අධිකරණය වෙත කැඳවීමක් සිදු නොකොට වීඩියෝ තාක්ෂණය මගින් ප්‍රශ්න කිරීම සිදුකෙරුණා.

ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුද ක්‍රමානුකූලව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති දුරකථන අංක ඔස්සේ වේලාවන් වෙන්කර සේවා සපයා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතුද පෙර වේලාවන් වෙන්කරවා ගැනීමේ පදනම මත ක්‍රියාත්මක වූ අතර, එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සඳහා මුල්තැනක් දී තිබූනා.

මේ අතර, කොවිඩ් 19 වසංගතයත් සමග මංගල උත්සව ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ දැනුවත් කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නියුතුවූවන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර සෞඛ්‍ය අර්බුදයක් මතු නොවන අයුරින් විසඳුම් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

මේ අතර, හිරු ටී.වී. ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහන අද වෙන්කර තිබුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

පවතින තත්ත්වයත් සමග තොරණ නිර්මාණ ශීල්පීන් මුහුණදී ඇති ගැටලු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව, ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව ඇත්තේ දැනට නිර්මාණය කර ඇති තොරණ ප්‍රදර්ශනයට මෙම වසංගත තත්ත්වයෙන් පසුව අවස්ථාව ලබාදීමටයි.

මේ අතර, අඛණ්ඩව ඇඳරිනීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා. 

අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 256ක්.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාම වෙනුවෙන් රජය හඳුන්වාදුන් ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය යටතේ හෙට දිනයේ බැහැරට යාමේ අවසරය හිමිවන්නේ අවසන් අංක 7 සහ 8 හිමි පුද්ගලයින්ටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories