මෙත්සිරි ගාලූ නගරාධිපති ධුරයෙන් ඉවතට.

Wednesday, 23 January 2013 - 18:38

%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගාලූ නගරාධිපති ධුරයෙන් සහ නගර සභා සභික ධුරයෙන් ඉවත් කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී  දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ඒ බව තහවුරු කළා. ඔහු කියා සිටියේ නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ වූ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් 2011 පළාත් පාලන මැතිවරණයට පෙර නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා. එම චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි වාර්තාව ලැබී තිබුණේ මීට මාස 2 කට පෙරයි.

ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ මහ නගර සභාවේ විපක්ෂ නායක ෆයාස් ලතීෆ් ගෙන් අප විමසීමක් කළා.

[MP3]s51989_1[/MP3]                                                           

කෙසේ වෙතත් ගාල්ලේ - රත්ගම වෙරළේ සහ ජාකොටුව වෙරළේ අනවසර ධීවරයන් ඉවත් කරන්නැයි ගාල්ල නාගරික මාළු වෙළඳ සංගමය පසුගිය දිනවල කළ උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද ගාලූ නගරාධිපතිවරයා මැදිහත් වුණා. එහිදී නගරාධිපති මෙත්සිරි ද සිල්වා නාගරික මාළු වෙළඳ සංගමය වෙනුවෙන් පෙනී සිටියා. මෙහිදී තමන්ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් බාධා එල්ල වූ බව උද්ඝෝෂණ පැවති පසුගිය 16 වැනිදා ගාලූ නගරාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

[MP3]s51989_2[/MP3]                 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories