වියට්නාමයෙනුත් ශ‍්‍රී ලංකාවට තෙල්.
2012 අප්‍රියෙල් 01 ඉරිදා- පස්වරු 01:16
පෙට‍්‍රල්, ඞීසල් ඇතුලූ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන වියට්නාමයෙන් මිලදීගැනීමට ශ‍්‍රී ලංකාව ගිවිසුමකට එළඹී තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ඛනිජ තෙල් නිෂ්පාදන සිය රටෙන් ලබාගනු ඇති බවයි ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරයා සඳහන් කළේ. මේ අතර ඉරානයෙන් තෙල් ලබාගැනීමේදී මතුවී ඇති ගැටලූ හේතුවෙන් වෙනත් විකල්ප රටවල්වලින් ඛනිජ තෙල් ලබාගැනීමේ අවස්ථා පිළිබඳව සංස්ථාව සළකා බලමින් සිටිනවා. ඒ අනුව මෙරටට අවශ්‍ය බොරතෙල් සහ පිරිපහදු නිෂ්පාදන ඕමානයෙන් ලබාගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි. ඒ සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මේ වනවිටත් ඕමානය බලා ගොස් සිටිනවා.
