20 - 20 තෙවැනි තැන ශ‍්‍රී ලංකාවට.
2012 අප්‍රියෙල් 01 ඉරිදා- පස්වරු 07:16
පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තුන් වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඊයේ (31) නිකුත් වූ අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ පන්දු වාර විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙරමුණේ රැදී සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. දෙවැනි ස්ථානය දකුණු අප‍්‍රිකාවට හිමිව තිබෙනවා. මේ අතර පන්දු වාර විස්සයි විස්ස පිතිකරුවන් ලැයිස්තුවේ පස්වන ස්ථානය ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට හිමිව තිබෙනවා. පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය අජන්ත මෙන්ඩිස්ට හිමිව ඇති අතර, ලසිත් මාලිංග පසුවන්නේ 9 වැනි ස්ථානයේයි.
