යුරෝපීය ගුවන් ගමන්වල වෙනසක් නැහැ.
2012 අප්‍රියෙල් 06 සිකුරාදා- පස්වරු 06:41
යුරෝපීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් සීමා කිරීමට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මීට පෙර ගෙන තිබූ තීරණය යළි වෙනස් කර තිබෙනවා. ඒ අනුව යුරෝපීය ගමනාන්ත සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් වෙනසකින් තොරව අඛණ්ඩව කි‍්‍රයාත්මක කෙරෙනු ඇති.
ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වෙසෙන ඉතාලියේ රෝමය සහ මිලානෝ නගර වෙත මේ අනුව ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් අඛණ්ඩව කි‍්‍රයාත්මක වනවා. මීට අමතරව ස්විස්ටර්ලන්තයේ සූරිච් වෙත ද ජාතික ගුවන් ගමන් සේවය කි‍්‍රයාත්මකයි.
ලන්ඩනය, පැරීසිය සහ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් හැරුණු කොට ඉතාලිය සහ ස්විස්ටර්ලන්තය වෙත ගුවන් මගී ධාරිතාවය අඩු කාලයන්හි ගුවන් ගමන් සීමා කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
කෙසේ නමුත් යුරෝපීය ගමනාන්ත පිළිබදව නිරන්තර ඇගයීමක නිරත වන බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.
