ඛනිජ තෙල් මිලත් ඉහළ යන ලකුණු.
2012 අප්‍රියෙල් 07 සෙනසුරාදා- පස්වරු 06:36
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කෙටි කාලීනව සහ මැදිකාලීනව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ලෝක දේශපාලන ප‍්‍රවණතා සහ සැපයීමේ අවදානම මෙලෙස තෙල් මිල ඉහළ මට්ටමක පැවතීමට හේතු වනු ඇති. ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය පෙබරවාරියේ සිට ඩොලර් 105 ඉක්මවා ඇති අතර, බි‍්‍රතාන්‍ය වෙළඳපොලේ තෙල් බැරලයක් අලෙවි වන්නේ ඩොලර් 125 ඉක්මවූ මිලකටයි. කොලොම්බියාව, දකුණු සුඩානය වැනි රටවල තෙල් සැපයුම් දැන් අඩාල වි ඇති අතර, ඉරානයට එරෙහි යුරෝපා සංගම් තෙල් තහනම ජුලි මාසයේ සිට කි‍්‍රයාත්මකවීමට නියමිතයි. මීට විසඳුමක් ලෙස ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ජපානය වැනි රටවල් සිය ආරක්ෂිත තෙල් සංචිත මුදාහැරීමට එකඟ වී තිබෙනවා. එහෙත් එමඟින් ලෝක වෙළඳපොලේ තෙල් මිල කැපී පෙනෙන අන්දමින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කළා.
