ක‍්‍රිස්ගේල් යළි කොදෙව් කණ්ඩායමට.
2012 අප්‍රියෙල් 08 ඉරිදා- පෙරවරු 07:46
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප‍්‍රහාරාත්මක පිතිකරු කි‍්‍රස් ගේල් නැවතත් කණ්ඩායමට එක්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග එකඟත්වයකට පැමිණ ඇතැයි වාර්තා වනවා.
එළැඹෙන එංගලන්ත චාරිකාවේදීම මේ අනුව කි‍්‍රස් ගේල්ට කොදෙව් ජාතික කණ්ඩායමට එක්වීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි. කෙසේ නමුත්, කි‍්‍රස් ගේල් සහ කොදෙව් පාලක මණ්ඩලය අතර ඇති වී තිබෙන එකඟත්වය සාර්ථකවීමට නම් දැනට කි‍්‍රයාත්මක වන නඩු විභාගයද සමථයකට පත්විය යුතුයි.
කොදෙව් කී‍්‍රඩකයන්ගේ සම්මේලනය සහ පාලක මණ්ඩලය අතරයි එම නඩුව කි‍්‍රයාත්මක වන්නේ. පාලක මණ්ඩලය සමග පවතින අර්බුදයක් හේතුවෙන් කි‍්‍රස් ගේල් 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ.
කෙසේ නමුත්, ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලිය අවසන් වනතුරු තමාට කණ්ඩායමට එක්විය නොහැකි බව කි‍්‍රස් ගේල් දැනුම් දී ඇතැයි සඳහන්. අයි.පී.එල්. තරගාවලිය මැයි 27 වැනිදා තෙක් පැවැත්වෙන අතර, කොදෙව් පිල මැයි 05 වැනිදා සිට ජුනි 24 වැනිදා දක්වා එංගලන්ත සංචාරයේ නිරත වනවා.
මේ අනුව කි‍්‍රස් ගේල්ට එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වනු ඇති. එහෙත් එංගලන්ත - කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා සහභාගිවීමට කි‍්‍රස් ගේල්ට හැකිවනු ඇතැයි කී‍්‍රඩා විචාරකයන් පෙන්වා දෙනවා.
