මහේල, සංගක්කාර, තිසර IPL යයි.
2012 අප්‍රියෙල් 09 සඳුදා- පස්වරු 01:19
ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකු හෙට (10) දිනය තුළ ඉන්දියාව බලා පිටත්ව යන බව වාර්තා වනවා. මහේල ජයවර්ධන, තිසර පෙරේරා සහ කුමාර් සංගක්කාර ඇතුළු ක‍්‍රීඩකයින් හෙට දිනයේ ඉන්දියාව බලා පිටත්ව යන බවයි එම ක‍්‍රීඩකයින්ගේ කළමනාකරුවන් ප‍්‍රකාශ කළේ. මේ අතර, ඉන්දිය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන් බැංගලෝර් නගරයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා. තරගාවලියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරක් මත මෙම තීරණය ගත් බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
