කොල්කටා කණ්ඩායමට තවත් ජයක්.
2012 අප්‍රියෙල් 14 සෙනසුරාදා- පෙරවරු 07:30
ඉන්දීය ප‍්‍රිමියර් ක‍්‍රිකට් තරඟාවලියට අදාළව කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ (13) පැවති තරඟය කඩුලූ 5 කින් ජයගැනීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131 ක්. කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ශකිබුල් හසන් ලකුණු 17 කට කඩුලූ 3 ක් දවා ගත්තා. ලකුණු 132 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 2 කදී කඩුලූ 5 ක් පමණක් දැවී තිබියදී ලකුණු 137 ක් ලබාගනිමින් ජයග‍්‍රාහී සීමාව පසු කළා. ජැක් කලීස් ලකුණු 31 යි. අයි.පී.එල්. තරඟාවලියට අදාළව අද දිනයේ චෙන්නායි සුපර් කිංග්ස් සහ පූනේ වොරියර්ස් කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙනවා.
