සිරියාව ගැන ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීම අද.
2012 අප්‍රියෙල් 14 සෙනසුරාදා- පෙරවරු 07:36
දේශපාලන කැළඹිලිකාරී තත්ත්වයක් පවතින සිරියාවට එක්සත් ජාතීන්ගේ නීරීක්ෂකයින් යොමුකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩල ඡන්ද විමසීමක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය අද දිනය දක්වා කල් දැමුණා. ඒ අදාල යෝජනාවේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඇමරිකාවට සහ රුසියාවට ඇතිවූ ගැටලූකාරී තත්ත්වයක් හේතුවෙන්. සංශෝධිත යෝජනාව ඊයේ රාත‍්‍රියේම එම රටවල් දෙකට යොමු කිරීමෙන් අනතුරුවයි අද ඡන්ද විමසීම යොදාගෙන ඇත්තේ.
