උතුරේ නැවතත් මිසයිල අත්හදා බැලීමක් - දකුණු කොරියාවෙන් චෝදනා.
2012 අප්‍රියෙල් 14 සෙනසුරාදා- පස්වරු 04:41
උතුරු කොරියාව තවත් දිගු දුර මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බවට දකුණු කොරියාව චෝදනා කරනවා. බුද්ධි අංශ වාර්තාවලින් මේ පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බවයි දකුණු කොරියාව ප‍්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම පිළිබදව මෙතෙක් නිශ්චිත ප‍්‍රකාශයක් සිදු කර නැහැ. පසුගිය සතියේ උතුරු කොරියාව රොකට්ටුවක් අත්හදා බැලූ අතර එය අසාර්ථක වුණා. ලෝක බලවතුන් චෝදනා කළේ එම අත්හදා බැලීම ද මිසයිල අත්හදා බැලීමක් බවටයි.
