දිල්ලි කණ්ඩායමට කඩුළු 07 ක ජයක්.
2012 අප්‍රියෙල් 17 අඟහරුවාදා- පෙරවරු 08:08
ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය අදාළව මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් අතර ඊයේ (16) පැවති තරගය කඩුළු 07 කින් ජයගැනීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 02 කදී සියලූ දෙනා දැවී ලකුණු 92 ක් රැස්කළා. ලකුණු 93 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 05 කදී කඩුළු 03 ක් පමණක් දැවී එම සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු කී‍්‍රඩා අංශය සැකසූ විශේෂාංගය.
