මැතිව්ස්ගේ ක‍්‍රීඩා දිවිය කෙටි වෙයිද ?
2012 අප්‍රියෙල් 17 අඟහරුවාදා- පස්වරු 06:58
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළහොත් ඔහුගේ ක‍්‍රීඩා දිවිය කෙටි විය හැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. විශේෂයෙන්ම මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට පන්දු යවන්නෙකු ලෙස එක්වන මැතිව්ස් මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවයි තේරීම් කමිටු ප‍්‍රධානියා පෙන්වා දෙන්නේ. පසුගිය කාලසීමාව තුළ ආබාධ කිහිපයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස තරග බිමට පිවිසුණහොත් එම ආබාධ උත්සන්න විය හැකි බවයි අසන්ත ද මෙල් පවසන්නේ. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ ක‍්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව පෙන්වා දෙන තේරීම් ප‍්‍රධානියා කියා සිටින්නේ වටිනාකම්වලට වඩා රට වෙනුවෙන් වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීම ක‍්‍රීඩකයෙකුගේ ප‍්‍රධාන අරමුණ විය යුතු බවයි.
