ව්‍යාපාර පවත්වාගෙන යාමෙන් ලංකාවට 89.
2012 අප්‍රියෙල් 17 අඟහරුවාදා- පස්වරු 07:01
ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලෝක බැංකුව සකස් කළ දර්ශකයේ 89 වැනි ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙනවා. පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව පසුවූයේ 98 වැනි ස්ථානයේයි. කෙසේ වෙතත් එම වාර්තාව දක්වා ඇත්තේ යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික ආයෝජන සිතූ අයුරින් වැඩිවීමක් සිදුවී නොමැති බවයි. ව්‍යාපාර පිළිබදව අනුමානයන් කළ හැකි ප‍්‍රතිපත්තිමය පරිසරයක් ශ‍්‍රී ලංකාවේ නොමැති වීම, ඊට හේතුව ලෙස එම වාර්තාවේ සඳහන්. මෙය පෞද්ගලික අංශයේ සංවර්ධනයට බාධාවක් බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
