සතොසට වාර්තාගත විකුණුම් ආදායමක්.
2012 අප්‍රියෙල් 18 බදාදා- පස්වරු 06:57
අලූත් අවුරුදු සමයකදී ලක් සතොස ආයතනය විසින් උපයාගත් වැඩිම විකුණුම් ආදායම මෙවර වාර්තා කිරීමට සමත්වී තිබෙනවා. මීට ප‍්‍රථම අලූත් අවුරුදු සමයකදී ලක් සතොස ආයතනය වාර්තා කළ වැඩිම විකුණුම් ආදායම වූයේ රුපියල් මිලියන 1700 ක්.
කෙසේ වෙතත් මෙවර මාර්තු 15 වැනිදා සිට අපේ‍්‍රල් 12 වැනිදා දක්වා එම ආයතනය රුපියල් මිලියන 2100 ක විකුණුම් ආදායමක් උපයා ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කළා. අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උත්සව සමයේදී ලක් සතොස, සමූපකාරය, කෝප්සිටි, මිනි කෝප්සිටි, මෙගා කෝප්සිටි හරහා හිඟයකින් තොරව භාණ්ඩ ලබාදීමට හැකිවූ බවයි.
