පරිගණක වංචාවකට බි‍්‍රතාන්‍ය නිවුන් සොහොයුරන්, ඇමරිකාවට.
2012 අප්‍රියෙල් 21 සෙනසුරාදා- පෙරවරු 10:35
මාරි නමින් ව්‍යාජ රෝබෝවක් නිර්මාණය කර එමගින් ඇමරිකානු කොටස් වෙළෙදපොළ මුදල් වංචා කළ යොවුන් නිවුන් සොහොයුරන් දෙදෙනෙකු නඩු විභාගය සඳහා එක්සත් ජනපදය වෙත යැවීමට නියමිත බව බි‍්‍රතාන්‍ය වාර්තා සඳහන් කළා. 16 හැවිරිදි මෙම නිවුන් සහෝදරයන් මෙලෙස වංචා කර ඇති මුදල ඩොලර් දොළොස් ලක්ෂයකට ආසන්නයි. සමාගම් විසින් මිලදී ගනු ලැබූ කොටස් මෙම නිවුන් සොහොයුරන්ගේ රෝබෝ විසින් ඉවත් කර ගනිමින් මූල්‍ය වංචා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කොටස් වෙළෙදපොළේ සීග‍්‍ර වර්ධනයක් සහිත කොටස් හඳුනාගෙන ඒවා ඉවත් කර ගැනීම සඳහා කටයුතු කළ රොබේවේ මෘදුකාංග වැඩසටහන ද මොවුන්ගේ නිර්මාණයක්.
