ජනපති දකුණු කොරියාව බලා පිටත්ව යයි.
2012 අප්‍රියෙල් 23 සඳුදා- පෙරවරු 07:34
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ පස් දින නිළ සංචාරයක් සඳහා ඊයේ (22) රාත‍්‍රී 12.30 දිවයිනෙන් පිටත්ව ගියා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් දකුණු කොරියාවේ සියොල් අගනුවර බලා පිටත්ව ගිය බවයි. ජනාධිපතිවරයා සමග මැති ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළුව 80 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ද ගුවන් තොටුපළ හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී දකුණු කොරියානු ජනාධිපති ලී මයුං බක් සහ එරට රජයේ ප‍්‍රධානීන් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ සංචාරයේදී ශ‍්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ආර්ථික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා - දකුණු කොරියානු ව්‍යාපාර සංසදය මගින් පවත්වන භෝජන සංග‍්‍රහයකදී විශේෂ දේශනයක් ද පවත්වනු ඇති.
