සරත් ෆොන්සේකා ඇප ඉල්ලයි.
2012 අප්‍රියෙල් 26 බ්‍රහස්පතින්දා- පස්වරු 06:44
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇප අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (26) ඉදිරිපත් කළා. 2010 වසරේදී ඔහු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් පසුව සිරදඬුවම් මෙන්ම රක්ෂිත බන්ධනාගාර භාරයේ ද පසුවුණා. ඔහු මෙසේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ පළමු වතාවටයි. සුදුකොඩි නඩුවේදී සරත් ෆොන්සේකාට වසර 3 ක සිරදඩුවම් නියම කෙරුණා. සිරදඩුවම් විඳිමින් සිටින අතරතුර අදාළ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ද ඉදිරිපත් කර ඇතැයි සරත් ෆොන්සේකා සිය ඇප අයදුම්පතේ සඳහන් කර තිබෙනවා. ලබන මැයි මස දෙවැනිදා එම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. එම තත්ත්වය ද සැලකිල්ලට ගෙන තමන්ට ඇප නියම කරන ලෙසයි ඔහු සිය ඇප අයදුම්පතෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
