හර්තාල්වලට යට නොවන්නැයි ඉල්ලීමක්.
2012 අප්‍රියෙල් 26 බ්‍රහස්පතින්දා- පස්වරු 07:13
දඹුල්ල පූජා භූමි සංවර්ධන බල ප‍්‍රදේශයේ ඉදිකර ඇති බව පැවසෙන මුස්ලිම් දේවස්ථානය ඉවත්කිරීමට විරෝධය දක්වා නැගෙනහිර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් අද (26) කි‍්‍රයාත්මක වෙනවා. උදෑසන සිට ආරම්භ වූ මෙම හර්තාලය අම්පාර, මඩකලපුව යන දිස්ති‍්‍රික්කයන්හි මුස්ලිම් ජනතාව මේ සඳහා එක්වී සිටින බවයි එම ප‍්‍රදේශවල හිරු වාර්තාකරුවන් ප‍්‍රකාශ කරන්නේ්. මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ප‍්‍රදේශයේ දෛනික කටයුතුවලට බාධා මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ හර්තාලය සාමකාමීව පැවැත්වෙන අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බවයි.
එහෙත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමන්ත‍්‍රණකාරීන්ට මුලා වී විරෝධතා ව්‍යාපාර හෝ පෙළපාලිවලට සහභාගී නොවන ලෙසයි. මුස්ලිම් ආගමික, සිවිල් සහ දේශපාලන නායකයින් එක්ව බලධාරීන් හා සාකච්ජා කර එමගින් සාධාරණත්වය ලබා ගැනීමට කටයුතු කරන බවත් එම සභාව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, කොළඹ අද (26) පැවති මාධ්‍ය හමු දෙකකදී දඹුල්ල පූජා නගරයේ ඇති වී තිබෙන මෙම ප‍්‍රශ්නය පිළිබඳව අදහස් පළ වුණා. ජාතික නිදහස් පෙරමුණ අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වූ එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමකින් යුතුව මෙම ගැටලූව විසඳීමට කටයුතු කළ යුතු බවයි.
මේ අතර, සමාජවාදී ජනතා පෙරමුණ අද (26) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ රට තුළ නැවතත් බෙදීම් ඇති නොවීමට සියලූදෙනා කටයුතු කළ යුතු බවයි.
