මෙරට පුද්ගලයින් ලක්ෂයකට එක් බැංකු ශාඛාවක්.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පෙරවරු 07:23
පුද්ගලයින් ලක්ෂයකට එක් බැංකු ශාඛාවක් බැගින් ශී‍්‍ර ලංකාවේ පවතින බව ජාත්‍යන්තර සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ලොව ආර්ථිකමය, මූල්‍යමය සහ වාණිජ බැංකු කටයුතු පිළිබඳ සමීක්ෂණ සිදු කරන ඇමරිකාවේ ලෝන්ස් ලෑන්ඞ් ලාසාල් නැමැති සංවිධානය විසිනුයි මෙය සිදුකර ඇත්තේ. ඔවුන් සඳහන් කළේ 2007 වසරේ සිට මේ දක්වා වර්ෂයක් පාසා 07% කින් පමණ මෙරට බැංකු ජාලය වර්ධනය වී ඇති බවයි. 2015 වසර වනවිට මෙරට බැංකු ශාඛා 1800 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වනු ඇති බවයි මෙම සංවිධානය මත පළ කරනවා. එය ප‍්‍රතිශතයක් ලෙස 30.05% ක්. දැනට කොළඹ පමණක් බැංකු ශාඛා 632 ක් පිහිටා ඇති අතර, අනුශාඛා සංඛ්‍යාව 798 ක්.
