සචින් තෙන්ඩුල්කාර් පාර්ලිමේන්තුවට.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පෙරවරු 08:03
ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් එරට පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව සඳහා මන්තී‍්‍රවරයෙකු ලෙස නම් කොට තිබෙනවා. ඊයේ (26) දිනයේ අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, ඉන් අනතුරුව ජනාධිපතිනි ප‍්‍රතිභා පටේල් විසින් එම පත් කිරීම සිදුකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, සචින් තෙන්ඩුල්කාර් ඊයේ (26) කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ද හමුවී තිබෙන බව සඳහන්. කොංග‍්‍රස් පක්ෂය විසින් රාජ්‍ය සභා මන්තී‍්‍රවරයෙකු ලෙස තෙන්ඩුල්කාර් පත්කිරීම සම්බන්ධයෙන් එරට ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ද එකඟත්වය පළ කළා. ඉන්දීය රාජ්‍ය සභාවට මන්තී‍්‍රවරයෙකු ලෙස පත්වු පළමු කී‍්‍රඩකයා වන්නේ ද සචින් තෙන්ඩුල්කාර්.
