වතු වෘත්තීය සමිති, සාමාජික මුදලට එරෙහිව නඩු.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පස්වරු 06:30
වතුකරයේ ජීවත් වන දෙමළ ජනතාවගෙන් වතු වෘත්තීය සමිති අය කර ගනු ලබන මාසික සාමාජික ගාස්තුවට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඊරෝස් සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් රාජනාදන් ප‍්‍රභාහරන් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වතුකරයේ ජනතාවගෙන් අය කර ගනු ලබන රුපියල් 138ක මාසික සාමාජික ගාස්තුව අය කර ගැනීමෙන් එම ජනතාවට දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති බවයි. මීට අමතරව උතුරු - නැගෙනහිර සහ කඳුකරයේ ජීවත් වන දෙමළ ජනතාවට දෙමළ පක්ෂ විසින් පහසුකම් සලසා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ඊරෝස් සංවිධානයේ මහලේකම් රාජනාදන් ප‍්‍රභාහරන්.
කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ පක්ෂ සාමාජික ගාස්තුව අහෝසි කිරීම සිදුකළ නොහැකි බවයි. පක්ෂවල කි‍්‍රයාකාරීත්වය සඳහා එම සාමාජික ගාස්තුව අය කර ගනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
