කැළණිය ප‍්‍රාදේශීය සභා උප සභාපතිගේ නිවසට මැර ප‍්‍රහාරයක්.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පස්වරු 06:34
කැළණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ නිවසට අද (27) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් මැර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. උප සභාපති චමිල දුමින්ද කියා සිටියේ අමාත්‍ය මර්වින් සිල්වාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. ප‍්‍රහාරයෙන් නිවසේ සිටි පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර නිවසේ තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් ද පැමිණි පිරිස විසින් පැහැරගෙන ගොස් ඇති බව උපසභාපතිවරයා කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර, මේ උපසභාපතිවරයා සහ අප අතර ඇතිවූ සංවාදයයි.
මෙහිදී අමාත්‍ය මර්වින් සිල්වාට චෝදනා එල්ල වන නිසා ඔහුව සම්බන්ධ කර ගැනීමට අප දැඩි උත්සාහයක් දැරුවා. ඔහුගේ නිවසේ දුරකථනයට සහ ජංගම දුරකථනයට ඔහු ප‍්‍රතිචාර නොදැක්වීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා. මේ අතර ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්දැයි පොලිසියෙන් අප විමසීමක් කලා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
