බාබේඩෝස්හි දී ශෂිකලා වැඩ පෙන්වයි.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 01:41
බාබේඩෝස් හි ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල පරාජය කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 197 ක් රැස් කළ අතර ශෂිකලා සිරිවර්ධන එහිදී ලකුණු 27 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා. ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිල ජයග‍්‍රහණය වාර්තා කළේ තරගය අවසන් වීමට පන්දු 2 ක් පමණක් තිබියදීයි. එහිදී යශෝධා මෙන්ඩිස් ලකුණු 51 ක් රැස් කළ අතර ශෂිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලබා ගත්තා. කොදෙව් - ශ‍්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයෙන් කොදෙව් කාන්තාවන් ජයගත් අතර තීරණාත්මක තුන්වන තරගය අපේ‍්‍රල් 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
