මලයාසියාවේ ජනතා විරෝධතාවලට තහංචි.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 01:49
රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බලකරමින් සංවිධාන කර ඇති දැවැන්ත උද්ඝෝෂණයකට එරෙහිව මලයාසියානු රජය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. බර්සේ නම් වූ මෙම විරෝධතාව ක්වාලාලම්පූර් අගනුවරදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහෙත් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට මැයි පළමුවැනිදා දක්වා අගනුවර ප‍්‍රධාන චතුරස‍්‍රයට ජනයා එක්රැස්වීම වැළැක්වීමේ නියෝගයක් එරට බලධාරින් විසින් නිකුත් කරනු ලැබුවා. ඒ සඳහා ක්වාලාලම්පූර් නුවර මුරකාවල් රැසක් යොදා ඇති බව සඳහන්. මෙවැනි උද්ඝෝෂණ මගින් ජනතාවගේ එදිනෙදා කි‍්‍රයාකාරිකම් අඩාලවන බවයි මලයාසියානු රජය පවසන්නේ. අගනුවර පොලිස් සහ හමුදා ආරක්ෂාව ද තර කර තිබෙනවා. තහනම නොතකා විරෝධතාවල නිරතවන පිරිස්වලට එහි ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ක්වාලාලම්පූර් නගරාධිපතිවරයා අනතුරු ඇගවීමක් කළා. පසුගිය වසරේ ජූලි මාසයේදී ද මලයාසියානු අගනුවර මෙවැනි ජනතා විරෝධතාවක් සංවිධාන කෙරුණා. මලයාසියානු රජය එය වර්ධනය කිරීමට පියවර ගත් අතර පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. එසේ නමුත් එම විරෝධතාවෙන් පසු මලයාසියානු මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා බහුපාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් ද අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් විසින් පත් කරනු ලැබුවා.
