මලයාසියාවේ 25,000 කට කඳුළු ගෑස් ප‍්‍රහාර.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 04:16
මලයාසියාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බලකරමින් එරට විපක්ෂය විසින් සංවිධාන කළ දැවැන්ත උද්ඝෝෂණය විසුරුවා හැර තිබෙනවා. මෙම උද්ඝෝෂණයට 25,000 කට අධික පිරිසක් සහභාගී වී සිටියා. විදෙස් වාර්තා සඳහන් කළේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඔවුන් මෙලෙස විසුරුවා හැර ඇති බවයි. මලයාසියාවේ අගනගරය වන ක්වාලාලම්පූර් නුවර ප‍්‍රධාන චතුරස‍්‍රයට ඊයේ රාති‍්‍රයේ සිට විශාල පිරිසක් එක්ව මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.
