වෙනස්කම්වලට මුහුණදීම අතින් ශී‍්‍ර ලංකාව, ඉන්දියාවට ඉදිරියෙන්.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 06:45
ආර්ථික හා භූගෝලීය අතින් සිදුවන වෙනස්වීම්වලට මුහුණදිය හැකි රටවල් අතර 22 වන ස්ථානයට පත්වීමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබෙනවා. කේ.පී.එම්.ජී. ඉන්ටනැෂනල් ආයතනය විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සමීක්ෂණයේදී ලෝකයේ ප‍්‍රධාන රටවල් 60 ක් පිළිබඳව සලකා බලා තිබෙනවා. එම රටවල් විවිධ කාලසීමාවන්වල සිදුවන ආර්ථික හා භූගෝලීය වෙනස්කම්වලට මුහුණදෙන ආකාරය සැලකිල්ලට ගෙන මෙම වර්ගීකරණය සිදුකළ බවයි එම ආයතනය පවසන්නේ. මෙම සමීක්ෂණයේදී ඉන්දියාව 23 වන ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශය 45 වන ස්ථානයටත්, නේපාලය 50 වන ස්ථානයටත්, පාකිස්තානය 54 වන ස්ථානයට පත්ව තිබෙනවා.
