යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් හෙට දිවයිනට.
2012 අප්‍රියෙල් 29 ඉරිදා- පස්වරු 12:47
යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් හෙට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ‍්‍රී ලංකාව සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා රටේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණයි. මැයි මස 5 වැනිදා තෙක් මෙම පිරිස මෙරට රැඳී සිටින බව ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කර්යාලය සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 3 දෙනෙකු ඇතුළු පස් දෙනෙක් නියෝජිත පිරිසට ඇතුළත් අතර ඔවුන් රජයේ ප‍්‍රධානීන් සමගද සාකච්ඡා පවත්වනු ඇති. යුරෝපා සංගමයේ ආධාරවලින් ශ‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමද ඔවුන්ගේ මෙරට සංචාරයේ එක් අරමුණක්.
