බිග් බී ගේ හොඳම රඟපෑම.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පෙරවරු 07:58
කවුරු හරි මගෙන් ඇහුවොත් මං කැමතිම නළුවා කවුද කියලා, දෙපාරක් හිතන්නේ නැතුවම මං කියන්නේ ඒ අමිතාබ් භච්චන් කියලා. මෙහෙම කියන්නේ අධ්‍යක්‍ෂ රාම් ගෝපාල් වර්මා.
කොහොමත් ඉතින් මේ සුපිරි තරුවට රසික රසිකාවියන්ගෙන් අඩුවක් නෑනේ. රාම් ගෝපාල් වර්මා අධ්‍යක්‍ෂණය කරපු සර්කාර්, සර්කාර් රාජ් ඇතුලූ ෆිල්ම්ස් තුන හතරකම බිග් බී රඟපාලා තියෙනවා.
ඒ අතරින් සමහර ඒවා සාර්ථකයි සමහර ඒවා අසාර්ථකයි. මං අමිතාබ් භච්චන්ව චරිතයකට තෝර ගත්තොත් ඒක මට ගැලපෙන්නා නෑ කියලා ඔහු කවදාවත් මට කියලා නෑ.
ඒ තරම්ම එහු මාව විශ්වාස කරනවා. බිග් බී කොච්චර ෆිල්ම්ස්වල රඟපෑවත් මට නම් හිතෙන්නේ ඔහුගේ හොඳට රඟපෑම තියෙන්නේ නිෂාබ්ද් ෆිල්ම් එකේ කියලයි. මෙහෙම කියන්නේ රාම් කෝපාල් වර්මා. එතකොට ඔබේ අදහස මොකක්ද?
