සුමන්දිරන්ගේ මතය අසත්‍යයක්. - එජාප මහලේකම්.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පස්වරු 12:42
ඒකාබද්ධ විපක්ෂය විසින් යාපනයේ සංවිධානය කෙරෙන ජාතික මැයි රැලියට සමගාමීව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ යාපනය අර්ධද්වීපයේ මේ දිනවල සංචාරයක නිරත වනවා. විපක්ෂ නායකවරයා අද උදෑසන යාපනය වඞ්ඩුකෝට්ටෙයි ප‍්‍රදේශයේ පිහිටා තිබෙන ඕලන්ද රෙපරමාදු දේවස්ථානයට පැමිණියා. එහිදී ඕලන්ද රෙපරමාදු දකුණු ඉන්දීය සභාවේ අගරදගුරු ඩැනියෙල් කනගරාජා පියතුමා සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ සම්බන්ධයෙන් සහ විපක්ෂ නායකවරයාගේ යාපනය සංචාරයේ අද දිනයේ තොරතුරු ගෙන එන එහි සිටින මාණ්ඩලික වාර්තාකරු ශානුක කරුණාරත්න.
මේ අතර යාපනයේ පැවැත්වෙන මැයි දිනය දෙමළ සන්ධානය විසින් සංවිධානය කරන ලද්දක් බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පැමිණෙන්නේ ආරාධිතයන් ලෙස බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරම් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණා. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැන ගැනීමට අප සුමන්දිරම් මන්ත‍්‍රීවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිපවිටක්ම උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණා. අවසානයේ සුමන්දිරම් මන්ත‍්‍රීවරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප දෙමළ ජාතික සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවේ සේනාධිරාජා සම්බන්ධ කර ගනු ලැබුවා. මේ ඒ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා සිදු කළ ප‍්‍රකාශයයි මේ.
දෙමළ සන්ධානයේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය දැන ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය යාපනයේ සිටින පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබුවා.
