රුපියල අවප‍්‍රමාණය වීම මුදල් ලේකම්ටත් ප‍්‍රශ්නයක්.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පස්වරු 12:54
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම මේ දිනවල දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අදහස් පළ කළා.
ලේකම්වරයා එහිදී කියා සිටියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 125 ක මට්ටමක පවත්වා ගත යුතු බවයි. නමුත් මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 125 සීමාව ඉක්ම ගොස් තිබෙනවා. ඊට හේතුව ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා ආර්ථිකමය හේතුවක් බලනොපාන බවයි.
